උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share

වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ උතුරුමැද මහ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරිම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අනුරාධපුර, පළුගස්වැව , මහම්ගස්වැවදී ආරම්භ විය.

 

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මේ වසරේදී හා ලබන වසරේදී කුඩා වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරිමට රජය කටයුතු යොදා තිබේ.

මේ වසර තුළ ග්‍රාමිය වැව් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරිමට නියමිත අතර මෙවර වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වාරි මාර්ග අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල දායකත්වයෙන් ය.

උතුරුමැද මහා ඇල සංවර්ධනය කිරීමේ උමග ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණි.

එය මෙරට දිගම උමග බවට පත්වන අතර එහි දිග කිලෝමීටර් 28 කි.

ඇල සම්පුර්ණ වීමෙන් පසු එහි දිග කිලෝමීටර් 94 ක් වනු ඇති අතර මෙමගින් මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව දක්වා ජලය ගෙන යනු ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ ය.

සිව් වසරක කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ විශාල වැව් කිහිපයකට ජලය සැපයෙන අතර , අනුරාධපුරය , වව්නියාව , මාතලේ හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කිහිපයකට මින් සෙත සැලසෙයි.

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ වයඹ මහඇල සංවර්ධන කටයුතු ලබන 16 වැනිදා අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

Read more

Local News