WWE සුපිරි තරුව කාන්තාවක් බවට පත් වෙයි

Share

හිටපු WWE සුපර්ස්ටාර් Tyler Reks (Gabe Tuft) සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Gabe සිය බිරිඳ වන ප්‍රිස්කිලා ටෆ්ට්ගේ පූර්ණ සහය ඇතිව මෙම සංක්‍රාන්තිය සිදු කිරීම ද විශේෂත්වයක් වන අතර 2007 වසරේදී Gabe මල්ලවපොර ක්‍රීඩාවට පිවිසි අතර පසුව ෆ්ලොරිඩා ශූරතා මල්ලවපොර ආරම්භ කරමින් 2008 ජනවාරි මාසයේදී WWE සංවර්ධන ගිවිසුමක් ද අත්සන් කර තිබේ.

වරෙක WWE හි සුපර්ස්ටාර් වූ ඔහු 2012 දී WWE යෙන් ඉවත්ව වු අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඊට ප්‍රධානම හේතුව Gabeගේ දියණිය බවයි. ඔහුගේ වඩාත් විශ්වාසවන්ත රසිකයන් දෙදෙනා වූයේ බිරිඳ ප්‍රිස්කිලා සහ ඔවුන්ගේ කුඩා දියණියයි.

මේ නිසා තම දියණිය සමග වැඩි කාලයක් ගත කිරීම සඳහා ඔහු WWE යෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. WWE යෙන් ඉවත්වූ Gabe සිය ප්‍රිස්කිලා සමග එක්ව “BODY SPARTAN” නම් යෝග්‍යතා සමාගමක් නිර්මාණය කළ අතර වැඩසටහන් සහ අභිප්‍රේරණ සැසි මගින් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ ශරීරය, මනස සහ ආත්මය ධනාත්මක ලෙස පරිවර්තනය කිරීම මෙම “BODY SPARTAN” හරහා සිදු වූ අතර සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බවට පත්වීමට ඔහුට මූලාශ්‍රය ගොඩනැගීමට පත් විය.

පසුව WWE හි Superstar, Body Builder, Fitness Guru, Motivational Speaker (අභිප්‍රේරණ කථිකයා ) සහ Motorcycle Racer (යතුරුපැදි ධාවක) කාන්තාවක් බවට පත්විය.

Read more

Local News