කොවිඩ් නිසා කඩා වැටුණු මෙරට ව්‍යාපාර නැංවීමට ඩොලර් ලක්ෂ 1800ක ණයක්

Share

කොවිඩ් 19 වසංගතයෙන් ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වූ අංශ යථා තත්ත්වයට පත් කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 1800ක ණය මුදලක් ශ්‍රී ලංකාවට පිරිනැමේ.

 

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ශ්‍රී ලංකා කොවිඩ් 19 අර්බුද හා හදිසි ප්‍රතිචාර දැක්වීමේ පහසුකම යටතේ මහජන බැංකුව සහ ලංකා බැංකුව මඟින් ඩොලර් ලක්ෂ 900 බැගින් ලබාදීමට නියමිත මේ ණය මුදල ආපසු ගෙවීමට වසර හතක කාලයක් හිමි වේ.

සංචාරක, ඇගළුම්, ඉදිකිරීම්, වෙළෙඳ, නිෂ්පාදන, කාර්මික අපනයන, සොඛ්‍ය යන ක්ෂේත්‍රවලට අරමුදල් සැපයීමට මේ ණය භාවිත කළ හැක. කොවිඩ් 19 වසංගතයෙන් ආර්ථිකයට එල්ලවූ බලපෑම හේතුවෙන් පීඩාවට පත්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ද්‍රවශීලතා පහසුකම් ඉහළ නැංවීම මේ ව්‍යාපෘතියේ අරමුණ වේ.

වසංගතයෙන් පීඩාවට පත් මහජන බැංකුව සහ ලංකා බැංකුව යන බැංකු ද්විත්වයේ සේවාදායකයන් හට සමස්ත ණය ප්‍රමාණයෙන් අවම වශයෙන් සියයට 60ක් උප ණය වශයෙන් පිරිනැමීමේ පදනම මත මේ ණය මුදල සැපයේ.

ණය මුදල සඳහා ශ්‍රී ලංකා රජය ඇපකරු ලෙස ක්‍රියා කරන අතර මහජන බැංකුව, ලංකා බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව අතර ගිවිසුම් අත්සන් කෙරේ.

Read more

Local News