සියලු අපරාධ විමර්ශනයන් කඩ්නම් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

Share

සියලු බාල අපරාධ ඇතුළු මත්ද්‍රව්‍ය පිලිබද අපරාධ විමර්ශනයන් කඩ්නම්න් සහ කාර්යෂමව අවසන් කිරිම පිළිබද නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති වෙත ලිපියක් යොමු කර සදහන් කර තිබේ.

 

එම ලිපියේ වැඩ්දුරටත් සදහන් වන්නේ ” විවිධ පොලිස් ස්ථාන වලින් සහ විවිධ පොලිස් ඒකක වලින් රටේ අපරාධ පිලිබදව සිදු කරනු ලබන අපරාධ විමර්ශනයන් බොහෝමයක් නොයෙකුත් හේතු කාරණා මත ප්‍රමාද වීම සහ කාර්යෂමව කඩ්නම්න් අවසන් කිරිමට නොහැකි විම දැඩ් අවධානයට ලක් විය යුතු කාරණයකි.

 

අපරාධ විමර්ෂණයන් කලට වේලාවට කාර්යක්ෂමව නිසි ලෙස සිදු කිරිමට නොහැකි විමරටේ යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය නිසි අයුරින් ක්‍රියාත්මක නොවිමට හේතු වූ කරුණක් ලෙස සදහන් කරමි.

මෙම අපරාධ විමර්ෂණයන් සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදය සාක්ෂිකරුවන්ට වින්දිතයන්ට යුක්තිය ඉටු නොවිමට සහ සැකකරුවන්ට සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිවාසිකම් උල්ලංඝණය විමට එක් හේතුවක් වි ඇත.මෙට රටේ නීතිය රැකගැනීමටද මහත් අවහිරයක් වි ඇත.

එම නිසා ඉහත කී කරුණු කාරණා සියල්ල සළකා බැලිමේදී අපරාධ විමර්ශනයන් අප්‍රමාදීව සිදු කිරිමේ වැදගත්කම සහ අවශ්‍යතාවය විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුනක් වෙි.

මෙම අපරාධ විමර්ශනයන් කඩ්නම්න් සහ කාර්යාක්ෂමව අප්‍රමාදීව සිදු කිරිමේ නොහැකියාව සහ ප්‍රමාදයට හේතුවන සියළු කරුණු සැලකිල්ලට ගෙන ඒ පිළිබදව අවධානය යොමු කර මෙම විමර්ශනයන් නිසි ආකාරයෙන් කඩ්නම්න් සහ කාර්යක්ෂමව සිදු කිරිමට වහාම පියවර ගත යුතු බවට මෙයින් උපදෙස් දෙමි.

ඒ අනුව බාල අපරාධ ඇතුළු මත්ද්‍රව්‍ය පිළිබද විමර්ශන තුන් මසක් ඇතුළත අවසන් කිරිමට නොහැකි වන අවස්ථා වලදී අදාල පොලිස් ස්ථානාධිපතිවරුන් හෝ ඒකක භාර ස්ථානාධිපතිවරුන් විසින් එකී කොටිඨාශ හෝ එවැනි ඒකකභාර  ජ‍ෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් හෝ අධ්‍යක්ෂකවරුන් හේතු සහිතව ලිඛ්තව දැනුවත් කිරිමට පියවර ගත යුතු අතර එම අපරාධ විමර්ශනයන් සම්බන්ධයෙන් අදාල කොට්ඨාශ භාර නිලධාරින්ට හා ඒකකභාර අධ්‍යක්ෂ වරුන්ට එකී විමර්ශනයන් අධික්ෂණය කර එකී විමර්ශනයන් කඩ්නම්න් අවසන් කිරිමට සාධාරණ කාලයක් ඇතුළත පියවර ගත යුතු බවට උපදෙස් දිම සිදු කළ යුතු බවට මෙයින් තවදුරටත් උපදෙස් දෙම්.

මෙකි අපරාධයන් සම්බන්ධයෙන් රජයේ රසපරීක්ෂක වෙත යොමු වන මත්ද්‍රව්‍ය හා වෙනත් ද්‍රව්‍ය හා භාණ්ඩයන් පරීක්ෂාවට ලක් කර වාර්තාවන් ඉදිරිපත් කිරිම තුන් මසක් ඇතුළත සිදු කළ හැකි බවටත් ඒ සදහා දැනටමත් පියවර ගෙන ඇති බවටත් රස පරීක්ෂකවරයා විස්න මා වෙත දැනුම් දී ඇත.

එබැවින් මේ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සියළු බාල අපරාධ හා මත්ද්‍රව්‍ය පිළිබද විමර්ශනයන් තුන් මසක් ඇතුළත අවසන් කිරිමට සියලු පියවර සහ කටයුතු සිදු කළ යුතු අතර අදාල සම්පූර්ණ විමර්ශණ උධෘතයන් නිතිපතිවරයා වෙත ඉදිරිපත් කිරිමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් කොට්ඨාශ භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරවරුන් සහ ඒකක භාර අධ්‍යෂකවරුන් වෙත අදාල උපදෙස් ලබා දෙන ලෙසටද ඔඉට මෙයින් තවදුරටත් උපදෙස් දෙම්. ” යනුවෙනි.

Read more

Local News