කොරෝනා වැළදීමෙන් පොලිස් නිලධාරියෙකු මියයයි

Share

මොනරාගල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ පූර්ව විශ්‍රාම නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා වෛරසය අසාදනයෙන් මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාල පුද්ගලයා මොනරාගල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහුව වැඩි දුර ප්‍රතිකාර සදහා මහනුවර රෝහලට ඇතුලත් කර සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

59 හැවිරිදි අදාල පොලිස් නිලධාරියා හට සිදු කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බව හදුනාගෙන තිබේ.

මේ අනුවශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පළමු කොරෝනා ආසාදිත මරණය ලෙස මෙය වාර්තා වෙයි.

Read more

Local News