පළා ගොස් සිටි සැකකරුවෙකු ඉන්දියාවේදී කොටුවෙයි

Share

2017 වසරේදී පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් මොහමඩ් මහිර් මොහමඩ් නවාස් නැමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත

මේ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය විසින් මෙරට පොලිසියට දැනුම් දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read more

Local News