කොවිඩ් සිරුරු භූමදානයට ඉඩ දීම ගැන පාකිස්තානයේ ස්තූතිය

Share

මෙරට කොරෝනා වෛරසය ආසාදිතව මිය යන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන බවට ශ්‍රී ලංකාව දුන් සහතිකයට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් සිය ස්තූතිය පළ කර ඇත.
කොවිඩ්-19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.
ලබන සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී දුන් සහතිකය ඇගයීමකට ලක් කර තිබේ.

Read more

Local News