රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

Share

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාර්තු 16 දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යළි නියෝග කර තිබේ.

 

අභියාචනාධිකරණය පසුගිය 5 වැනිදා ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කළේ , ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් 12 වන දා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසටයි.

රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබු රීට් ආඥා පෙත්සම අද දින අභියාචානාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මයාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අතර එදිනට යළි පෙත්සම සලකා බැලීමට ද අභියාචනාධිකරණය නියෝග කළේ ය.

මේ අතර කතානායකවරයා ඊයේ සභාවට දැනුම්දුන්නේ, අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට නොකැඳවන බවටයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පසුගිය ජනවාරි 12 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක් නියම කෙරිණ.

Read more

Local News