පහේ ශිෂ්‍යත්ව වරප්‍රසාදය අහිමි කරන තැතක් : විපක්ෂ නායකගෙන් හෙලිදරව්වක්

Share

පහේ ශිෂ්යත්වයේ වරප්රසාදය අහිමි කරන තැතක්! විපක්ෂ නායක සජිත්ගෙන් හෙලිදරව්වක්.

 

ස්ථාවර නියෝග 27 (2) යටතේ අද(11) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇසූ ප්රශ්නය.

ගරු කථානායකතුමනි,

5 ශ්රේණියේ ශිෂ්යත්ව විභාග ප්රතිඵල මත, 2021 වර්ෂය සඳහා පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීම වෙනුවෙන් නිකුත් කර ඇති කඩඉම් ලකුණු අසාමාන්ය ලෙස ඉහළ දමා තිබෙනවා. මේ නිසා ජනප්රිය පාසල් වලට ඇතුලත් වීමට බලාපොරොත්තු වන, ඉහළ ලකුණු ලබාගත් බොහෝ දරුවන්ගේ සිහින බොඳ වී ගොස් තිබෙන අතර, එම නිසා දරුවන් දැඩි කම්පනයටත්, දැඩි අසහනයටත් පත් වී තිබෙනවා.

එසේම එම දරුවන්ගේ දෙමාපියන් ද ඉච්ඡාභංගත්වයට ලක්ව ඇති අතර, මෙම තත්ත්වය සමාජයේ දැඩි කථාබහට ද ලක්ව තිබෙනවා. පසුගිය වසරේ ශිෂ්යත්ව කඩඉම් ලකුණු ප්රමාණය 184 ක් වූ රාජකීය විද්යාලයේ, මෙවර කඩඉම් ලකුණු ප්රමාණය 193 ක් ද, කොළඹ විශාඛා විද්යාලයේ 186 ක්වූ කඩඉම් ලකුණු මෙවර 194 ක් වශයෙන් ද, මහනුවර ධර්මරාජ විද්යාලයේ 182 ක් වූ කඩඉම් ලකුණු මෙවර 192 ක් ලෙස ද ඉහළ ගොස් තිබීම, මෙම තත්ත්වය පැහැදිලිව නිරූපණය කරනවා.

ගරු කථානායකතුමනි, මෙපමණක් නොව සමස්ථයක් ලෙස රටේ සියළුම ජාතික පාසල් සඳහා ඇතුලත් වීමට අදාල ලකුණු 6 සිට 10 දක්වා ප්රමාණයකින් වැඩිවීම මගින් මෙවැනි තත්ත්වයක් උදා වී තිබෙනවා. මේ අනුව, කොළඹ ප්රධාන පෙළේ පාසලකට ඇතුළත් වීමට ශිෂ්යත්ව විභාගයෙන් ලකුණු එකසිය හැටහතරකට වැඩි ප්රමාණයක් ලබාගත යුතුව තිබෙන අතර, එක් විෂයකට ලකුණු අසූදෙක ඉක්මවා ලබාගත යුතු වෙනවා. කඩඉම් ලකුණු මෙතරම් විශාල ප්රමාණයකින් වෙනස්වීම ගැටළුසහගත වන අතර, ඒ පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා.

මෙම තත්ත්වය ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වශයෙන් සලකා, පහත ප්රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා. 1) අඩු වරප්රසාදිත දරුවන් හට ජනප්රිය පාසලකට ඇතුලත් වීමට තිබෙන එකම අවස්ථාව වන, 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්රමාණයන් මේ ආකාරයට අනිසි ලෙස ඉහළ දැමීම නිසා, ඉහළ ලකුණු ලබාගත් දරුවන් සැලකිය යුතු සංඛ්යාවකට ජනප්රිය පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

දරුවන්ගේ මානසික මට්ටම පහත වැටීමට ද මේ තත්ත්වය හේතු වී තිබෙන බව රජය පිළිගන්නේ ද? මේ නිසා සමාජයේ මේ වන විට විශාල අර්බුදයක් ඇති වී ඇති බව රජය දන්නේ ද? එසේනම්, මේ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට රජය කටයුතු කරන්නේ ද? 2) 5 ශ්රේණිය ශිෂ්යත්වය වැනි තීරණාත්මක විභාගයක කඩඉම් ලකුණු තීරණය කරනු ලබන්නේ කවුරුන් විසින්ද? මෙම කඩඉම් ලකුණු ගණනය කිරීමට නිශ්චිත ක්රමවේදයක් අධ්යාපන අමාත්යාංශය විසින් අනුගමනය කරන්නේ ද? එසේනම්, එම ක්රමවේදය කුමක්ද යන්න මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද ? 3) මෙවර කඩඉම් ලකුණු පෙර පැවති ශිෂ්යත්ව විභාගයන්ගේ කඩඉම් ලකුණු වලට සාපේක්ෂව විශාල ප්රමාණයකින් ඉහළ දැමීමට හේතු කවරේද? මෙම තත්ත්වය නිසා අසාධාරණයට ලක්ව ඇති දරුවන්ට සහන සැලසීමට රජය අපේක්ෂා කරන්නේ ද? දැනට නිකුත් කර තිබෙන කඩඉම් ලකුණු ප්රමාණයන් අඩු කිරීමට රජය කටයුතු කරනු ලබන්නේ ද? එසේනම්, එහිදී 6 ශ්රේණිය සඳහා බඳවා ගැනීමට බලාපොරොත්තු වන දරුවන් ප්රමාණය වැඩිකිරීමට රජය අදහස් කරන්නේ ද? ඒ කොපමණකින් ද? එසේත් නොමැතිනම්, ඒ සඳහා ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ක්රමවේදය කුමක්ද? ඒ පිළිබඳව තොරතුරු මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද? 4) අතරමැදි පන්තිවලට විවිධ බලපෑම් මත සිසුන් ඇතුළත් කිරීම නිසා, ශිෂ්යත්ව විභාගය මගින් ජනප්රිය පාසල්වලට ඇතුළත් කරගත හැකි සිසුන් සංඛ්යාව සීමා වී තිබෙනවා.

රජය විසින් මෙම තත්ත්වය තවදුරටත් අයහපත් කරමින්, තම හිතවතුන්ගේ දරුවන් 6 වසරෙන් පසුව ඇතුළත් කිරීම සඳහා පන්තිවල ඉඩකඩ තබා ගැනීමට 5 ශිෂ්යත්ව සිසුන් සීමා කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ශිෂ්යත්ව විභාගය මගින් එක් එක් පාසලට සිසුන් ඇතුළත් කරගනු ලබන සංඛ්යාවේ වෙනසක් මෙම වසරේ සිදුකර තිබේ ද? එසේ නම් ඒ මන්ද? එම එක් එක් පාසලට මෙම වසරේ ඇතුළත් කර ගැනීමට යෝජිත සිසුන් සංඛ්යාව, පන්ති සංඛ්යාව සහ, ශිෂ්යත්ව විභාගයට පෙර මෙම පාසල් වල අතරමැදි පන්ති සඳහා ඇතුළත් කරගෙන තිබෙන සිසුන් සංඛ්යාවන් මෙම සභාවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද? 5) 5 ශිෂ්යත්ව විභාග ආකෘතියේ යම් වෙනසක් මෙවර සිදුකර ඇති අතර, ගැටළුකාරී තත්ත්වය නිර්මාණයට එයද හේතු වී ඇති බව වාර්තා වෙනවා.

මෙවැනි ජාතික විභාගයක ප්රමිතිය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට රජය අපොහොසත් වී ඇති බව පිළිගන්නේ ද? විභාගයේ ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස්වීම නිසා මෙම ගැටලු නිර්මාණය වී ඇති බව රජය පිළිගන්නේ ද? ඉදිරියේ දී කඩඉම් ලකුණු ප්රමාණයන් ඒකාකාරීව පවත්වා ගැනීමට රජය කටයුතු කරනු ලබන්නේ ද? එසේනම්, ඒ සඳහා මේ වන විට ගෙන ඇති ක්රියාමාර්ග කවරේද?

Read more

Local News