ඊයෙත් වැඩ්ම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොළඹින්

Share

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 963කි.

 

මේ අතර ඊයේ (10) දිනයේදී දිස්ත්‍රික්ක 21කින් කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඊයේ දිනයේද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 298කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 251ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 81ක් හඳුනාගැනීමත් සමඟ බස්නාහිර පළාතෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,608 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ දිනයේ වාර්තා වීමත් සමග මධ්‍යම පළාතෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් 72ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්, 32ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන්, 31 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන්, 24 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන්, 16 දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන්, 12 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව මන්නාරම, කිලිනොච්චිය, මොනරාගල, ත්‍රිකුණාමලය, පුත්තලම, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිනය තුළ මෙරට පී.සී.ආර් පරීක්ෂණ 16,493ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 8918 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද සඳහන් කළේය.

Read more

Local News