ඉහළ කොත්මලේ ජලාශයෙන් පාසල් සිසුවියකගේ සිරුරක් හමුවෙයි

Share

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පාසල් සිසුවියකගේ සිරුරක් සොයාගෙන තිබේ.

 

අද උදෑසන ජලාශයේ තිබි මළ සිරුර ගොඩට ගත් බව තලවකැලේ පොලිසිය සඳහන් කරයි.

මෙම සිසුවිය රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියකි.

අදාල පාසල් සිසුවිය සියදිවි නසා ගන්නට ඇති බවට සැකකෙරෙන අතර මෙම සිසුවිය අද දින උදැසන 6.30 ට පමණ නිවසින් පිටව තිබෙන අතර සිසුවිය ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පනින අයුරු ප්‍රදේශවාසින් විසින් දැක ඇති බව තලවකැලේ පොලිසිය සඳහන් කරයි.

පාසල් සිසුවියගේ ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

Read more

Local News