බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ලංකාවෙත්

Share

මෙරට ප්‍රදේශ කිහිපයකින් බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් පැතිර යන COVID-19 නව වෛරස් ප්‍රභේදය සොයා ගෙන තිබේ.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම යන ප්‍රදේශවලින් ලබාගත් අහඹු නියැදිවලින් ඒ බව තහවුරු වූ බවයි.

ජනවාරි මැද සිට පෙබරවාරි මාසය දක්වා  පිටරටින් පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ද සාම්පල ද ඇතුළුව සාම්පල  92ක් පරීක්ෂාවට ලක් කර තිබේ.

අනෙකුත් ප්‍රභේදවලට වඩා අවම වශයෙන් 50%ක වැඩි වේගයකින් මෙම වෛරස ප්‍රභේදය පැතිර යන බව ද ඔහු සඳහන් කළේ ය.

Read more

Local News