ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රිය කරන්නේ නෑ

Share

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිණුම නැවත සක්‍රිය නොකරන බව ට්විටර් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී නෙඩ් සේගල් මහතා පවසා තිබෙන බව ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරයි.

 

මේ සම්බන්ධව අදහස් දක්වමින් සේගල් මහතා සඳහන් කරන්නේ “ඔබ කවර තරාතිරමක අයෙකු වුවත් ට්විටර් ගිණුමක් අක්‍රිය කිරීමෙන් පසු එය නැවත සක්‍රීය කරනු නොලබයි. ට්විටර් ජාලයෙන් ඉවත් කිරීම යනු සදාකාලයටම ඉවත් කිරීමකි. ට්‍රම්ප් යළි ධූරයට පත්වූවද ගිණුම නැවත සක්‍රීය කරනු නොලැබේ.” යනුවෙනි.

තම කණ්ඩායම විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බවත් ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිනුම තහනම් කිරීමේ කාරණය සම්බන්ධව සුභවාදී අදහස් දක්වන පිරිසක් තමා වටා සිටින බවත් සිටින බවත් සේගල් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පසුගිය ජනවාරි 06 වැනි දා ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ කලබලයෙන් පසුව ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිණුම ස්ථිරවම තහනම් කර තිබේ.

මූලාශ්‍රය : ඩේලිමේල්

Read more

Local News