රන් බිස්කට් ගෙනා ඉන්දියන් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට

Share

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයින් තිදෙ‍නකුගේ ගමන් බෑග්වල සඟවා තිබූ රුපියල් 5497500/- වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ චෙන්නායි සිට ලංකා ගුවන් යානයකින් පෙරේදා (22) සවස 2.40 ට පමණ අදාළ තිදෙනා මෙරටට පැමිණ තිබේ.

මෙම පුද්ගලයින් තිදෙනාගේ ගමන් බෑග් එක්ස් කිරණ පරීක්ෂාවට ලක්කිරීමෙන් පසු බෑග්වල හැඬලය තුළ සඟවා තිබූ රන් බිස්කට් දහයක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත් වී ඇත.

Read more

Local News