රට වසා දැමීමේ සූදානමක් නැති බව යුද හමුදාපති කියයි

Share

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමීමේ සූදානමක් නැති බව කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

රට වසා දැමීමේ සූදානමක් ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

නව කොවිඩ් ප්‍රභේධය සම්බන්දයෙන් ගත යුතු පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බව කියා සිටි යුද හමුදාපතිවරයා මේ වනවිට ව්‍යාප්තිය පාලනය කිරීමට ද පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බවත් පවසයි..

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සහ ව්‍යාප්තිය අවම කිරීමට මේ වනවිට සියලු පියවර ගෙන ඇති බව කියා සිටි යුද හමුදාපතිවරයා කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රා සෙනෙටා එන්නත එන්නත්කරණය සිදු කරමින් පවතින බවත් එම නිවේදනයේ සදහන්.

No photo description available.

Read more

Local News