මියගිය පුතුගේ සිරුර යළි පීසීආර් පරීක්ෂණයකට යොමු කරන්නැයි ඉල්ලා පියා අධිකරණය වෙතට

Share

කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කරන ලද මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙන් මේ මස 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට හා එහි අධිකරණ වෛද්‍ය නිලධාරියාට නොතීසි නිකුත්කර තිබේ.

 

එදින තෙක් අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස ද අභියාචනාධිකරණය විසින් එම වගඋත්තරකරුවන් දෙදෙනාට තවත් නියෝගයක් නිකුත් කර ඇත

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ මොහොමඩ් හකීම් නැමැත්තෙකු විසින් ගොනු කළ පෙත්සමක් අද මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

පෙත්සම්කරු සඳහන් කරන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා වන මොහොමඩ් හකීම් මොහොමඩ් තිල්ශාඩ් නැමැත්තා ඉකුත් ජනවාරි මස 31 වනදා දකුණු කොළඹ කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවය.

ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පී.සී. ආර් පරීක්ෂණවලින් ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති  බව රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කළේ යැයි පෙත්සම්කරු පවසයි.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවද පෙත්සම්කරු සඳහන් කළේය.

Read more

Local News