පෙබරවාරි අවසන් සතිය වෙද්දි මරණ වැඩි වෙන්න පුළුවන් : වෛද්‍ය හරිත අලුත්ගේ

Share

මෙරට පෙබරවාරි මාසයේ අවසන් සතිය වන විට මෙරට කොරෝනා මරණ වැඩි වීමට වඩා වැඩි ඉඩකඩක් පවතින බවත් ජනවාරි මාසයේ පමණක් ආසාදිතයින් 20,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ‍ෙ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ”ජනවාරි මාසයේ ඉදන් පෙබරවාරි මුල වෙනකන් ලංකාවේ විවිධ තැන් වලින් ගත්ත සාම්පල 92ක්, වගේ ප්‍රමාණයක් පරීක්ෂා කරලා බැලුවට පස්සේ තමයි අලුත් ප්‍රභේදය සහිත රෝගීන් හමුවීම ලංකාවෙ ඉන්නවා කියලා තහවුරු වෙලා තියෙන්නෙ. ජනවාරි මාසයේ විතරක් අපේ රට තුළ රෝගයෙන් විසි දහසකට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා.” යනුවෙනි.

20,000 ක් තුළ සාම්පල අණු දෙකක් බලලා 16ක් හමුවුණා නම්, එය අර්ථ දැක්විය යුත්තේ කෙසේ දැයි පැහැදිලි නැති බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

”සාම්පල අණු දෙකක් බලලා 16ක් හමුවුණා නම්, මේ 20000 ඇතුලේ, මම දන්නෙ නැහැ මේක කොහොමද අර්ථ දක්වන්න ඕන කියලා , මොකද සමහර තොරතුරු අපිට එළියට ඇවිත් නැති නිසා” යනුවෙන් වෛද්‍යවරයා වැඩ්දුරටත් සදහන් කළේය.

Read more

Local News