මහේන්ද්‍ර සිං ධෝනි චිත්‍රපටයේ රඟපෑ තවත් නළුවෙක් සිය දිවි නසාගෙන

Share

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනිගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ චිත්‍රපටයට දායක වූ තවත් ප්‍රකට ඉන්දීය නළුවෙක් වන සන්දීප් නහාර් සිය දිවි නසාගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

මියයෑමට ප්‍රථම සිය සමාජ මාධ්‍ය පිටුවෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ “පුද්ගලික ප්‍රශ්න” හේතුවෙන් තමා දිවි නසා ගන්නා බවය.

මුම්බායි පොලිසිය ඔහුගේ දිවි නසාගැනීම තහවුරු කර ඇත.

එම චිත්‍රපටයේ ධෝනිගේ චරිතය රඟපෑ ශුශාන්ට් සිං රාජ්පුට් ද පසුගිය වසරේදී ගෙල වැළලා ගෙන සිය දිවි නසා ගනු ලැබිය.

Read more

Local News