කෝටි 10 මත්ද්‍රව්‍ය සමග අයෙක් කොටුවෙයි

Share

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 125ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 25ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 10කට අධික වන අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 36,500ක මුදලක් ද හමුව ඇත.

Read more

Local News