පෙදරේරුවෙක් හෙරොයින් සමග කොටුවෙයි

Share

පිළියන්දල මඩපාත, බටුවන්දර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටිය දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

හෙරොයින් කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 250ක් සමග අදාල සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බටුවන්දර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පෙදරේරුවෙකි.

කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අනුබල ලබාදී ඇති බවට සැකකෙරෙන්නේ දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදුකිරීමට නියමිතය.

Read more

Local News