ඊයේ දිනයෙත් වැඩ්ම කොවිඩ් රෝගීන් කොළඹින්

Share

අද(17) දින උදෑසන වනවිට මෙරටින් කොරෝනා රෝගීන් 756ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

 

ඊයේ දිනයෙත් වැඩ්ම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 172 කි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 73 ක් ලෙස වාර්තා විය.

අනෙක් ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

මෙවන විට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 77184 ක් වන අතර ඊයේ දිනයේ පුද්ගලයින් 1018 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 70429 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ ආසාදිතයින් 6 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා වැළඳී අහිමි වූ පුද්ගල ජීවිත සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වී ඇත්තේ, පානදුර, කොච්චිකඩේ, පිළියන්දල, වැලිඔය, නයිනමඩම සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලිනි.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 89 ක් තුළ පුද්ගලයින් 9,099 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 11,721 කි.

 

 

 

 

 

 

Read more

Local News