බස්නාහිර පළාතේ 57000ක් අද කොවිඩ් එන්නත්කරණයට

Share

අද (17) දිනයේ  බස්නාහිර පළාත තුළ පුද්ගලයින් 57,000 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කරන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.

 

ඒ අනුව වයස අවුරුදු 30ත්, 60ත් අතර පුද්ගලයින් සඳහා මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බව වාර්තා වෙයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 27,018 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622 ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710 ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිතව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජා-ඇල හා කැලණිය යන සෞඛ්‍ය බලප්‍රදේශවල පුද්ගලයන් හටත් මෙම එන්නත්කරණය සිදුකිරීමට නියමිතව තිබේ.

Read more

Local News