කොවිඩ් එන්නත ගැන විපක්ෂ නායක කියන දේ

Share

“මේ රටේ සෑම සියලුදෙනාටම එන්නත ලබාදෙන්න ඕනේ ” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ රාජාංගනය ප්‍රදේශයේ ඊයේ (16) පැවති විපක්ෂ නායක ජංගම සේවයේ තවත් අදියරක් හා එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසුවේ “ආණ්ඩුවට මම කියන්න කැමතියි. එන්නත් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා. එන්නත් ලබාදෙන එක කොටසකට ලබාදීලා හරියන්නේ නැහැ. මේ රටේ සෑම සියලුදෙනාටම ලබාදෙන්න ඕනේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ආරක්ෂ ක්ෂේත්‍රයේ, කොවිඩ් මර්දන බළකායේ ඒ ඉදිරිපෙළ කණ්ඩායමට මේ එන්නත ලබාදෙන්නට ඕනේ. ඉන්පසුව ප්‍රමුඛතාවය මේ රටේ සාමාන්‍ය ජනතාව. එන්නත් ලබාදෙන විට ලක්ෂ 220ටම ලබාදෙන්නට ඕනේ. දැන් අපිවගේ දේශපාලඥයින්ට අන්තිමට ලැබුණාට කමක් නැහැ. අද දවසේ සමහර වෛද්‍යවරුන්ට වේතනය ගෙවලා නැහැලු. මෙහෙම කොහොමද රටක් දුවන්නේ. “ යනුවෙනි.

එසේම මේ වන විට මෙරට තුළ කොවිඩ් වෛරස තත්ත්වය පවතින මොහොතක ජනතාව හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් විපක්ෂනායකවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News