කථානායක ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් 24ක් කොවිඩ් එන්නත්කරණයට

Share

මෙරට තුල ව්‍යාප්ත වි පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හමුවේ කොවිඩ් එන්නත ලැබුණු පසු එය සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක අංශ වෙතද ලබා දෙනු ලැබිය.

 

මේ අතර අද දිනයේ බස්නාහිර පළාතේ 57000කටද කොවිඩ් සදහා වූ එන්නත ලබා දීම ආරම්භ කරනු ලැබිය.

එමෙන්ම ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටද කොවිඩ් එන්නත ලබා දෙනු ලැබු අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් පිරිසක් එම එන්නත ප්‍රතික්ෂේප කරම්න් පැවසුවේ එය සාමාන්‍ය ජනතාව වෙත ලබා දීම සිදු කරන ලෙසය.

මේ අතර අද දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේ දී  “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” එන්නත ලබා ගෙන තිබෙන බව වාර්තා වෙයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව තිබේ.

අද(17) දහවල් 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා”එන්නත ලබාගෙන තිබෙන බව වාර්තා වෙයි.

එන්නත ලංකාවට ලබාදීම සම්බන්ධව ඉන්දීය රජයට සිය ස්තූතිය පළ කළ කථානායකවරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

Read more

Local News