පෑලියගොඩ පොලිස් වසමේ නුගේපාර ප්රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 18 යි මිලිග්රෑම් 625ක් සොයාගෙන ඇති අතර ඇය 39 හැවිරිදි කොම්පඤ්ඤවීදීය ප්රදේශයේ පදිංචිකාරිනියක් බව පොලිසිය පැවසීය.
සැකකාරිය අද (18) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.