වවුනියාවෙන් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ඊයේ (17) දින අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ වවුනියාව, නැදුන්කර්නි, සේනපිලව් ප්‍රදේශයේදීය.

අදාළ සැකකාර පුද්ගලයාගේ කුලී නිවසේ තිබී අදාළ පුපුරණ ද්‍රව්‍ය නැදුන්කර්නි පොලීසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ වැටලීමකදී මෙලෙස සොයා ගෙන තිඛේ.

ඔහු උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානයක සේවකයෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී තිඛේ.

අදාළ සැකකරු 32 හැවිරිදි මුලතිව් ඔඩ්ඩුසුඩාන්හි පදිංචිකරුවෙකි.

එහි තිබී TNT වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 කට අධික ප්‍රමාණයක්, PE 1 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 600 ක් සහ පීඩන බෝම්බ කොටස් 148 ක්ද සොයාගැනුණි.

එමෙන්ම වවුනියාව – සෙට්ටිකුලම – සින්නතම්පනේ ප්‍රදේශයේ වළ දමා තිබියදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් පොලීසිය සොයාගනු ලැබීය.

යුද සමයේ LTTEය විසින් මෙම ඇඳුම් කට්ටල දෙක වළදමන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

Read more

Local News