වාද්දුවේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Share

ලබන ඉරිදා (21) පෙරවරු 8.30 සිට රාත්‍රී 7.00 දක්වා වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද නාගොඩ, බෙන්තොට, බෝම්බුවල පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම දර්ගා නගරය සහ කළුවාමෝදර , මොරගොල්ල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.

Read more

Local News