බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු රෝහල්ගත කෙරේ

Share

බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

එරට බලධාරීන් අවධාරණය කරන්නේ අවුරුදු 99ක් වයසැති කුමරුගේ වයස්ගත භාවය සලකා මෙසේ රෝහල්ගත කර ඇති බවය.

එඩින්බර්ග් හි ආදිපාද යන නිල නාමයෙන් හැඳින්වෙන පිලිප් කුමරු එළිසබත් මහා රැජිනගේ ස්වාමි පුරුෂ වන අතර කිසිදු ආධාරයක් නොමැතිව පාගමනින් පැමිණි කුමරු හත්වැනි එඩ්වර්ඩ් රාජකීය රෝහල බලා පිටත්ව ගිය බව රාජකීය වාර්තා පවසයි.

Read more

Local News