ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් කොළඹින්

Share

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 514ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 78,420ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතරින් පුද්ගලයින් 13 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් වාර්තා වී ඇති බවයි.

ඉතිරි ආසාදිතයින් 501 දෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි.

ඊයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 105 කි. දිස්ත්‍රික්කයේ  වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ, හෝමාගම ප්‍රදේශයෙනි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 ක් ලෙස වාර්තා වී තිබේ. (ඒ ඒ දිස්ත්‍රික්කවලින් වාර්තා වූ ආසාදිතයින් පහතින්)

මේ වනවිට සුවය ලබා පුද්ගලයින් 71823ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, පුද්ගලයින් 6167ක් පමණි.

පසුගිය පැය 24 තුළ වත්තල, කෙසෙල්වත්ත, දෙමටගොඩ, මීගොඩ, රිදිමාලියද්ද, කොළඹ 08, කොළඹ 10 සහ දෙකටන යන ප්‍රදේශවලින් කොවිඩ්-19 මරණ 8 ක් වාර්තා විය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද 430 ක් දක්වා ඉහළ  ගියේ ය.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 9,268 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 15,386 කි.

Read more

Local News