දිනකට සිදුවන රිය අනතුරු ගණන ඉහළට

Share

රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 15ක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

 

ඉන් 4ක් ඊයේ සිදුවූ රිය අනතුරුවලින් මියගොස් ඇති අතර අනෙක් හත්දෙනා මීට පෙර රිය අනතුරුවලට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.

මේ අතර යාපනය – මහනුවර අතර ඒ-09 ප‍්‍රධාන මාර්ගයේ මැදවච්චිය, සංගිලිකනදරාව ප‍්‍රදේශයේදී ඊයේ (18) පෙරවරුවේ යතුරුපැදියක ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරියකු මියගොස් තවත් බුද්ධි අංශ නිලධාරියකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.

ලොරි රථයේ රියැදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයේ වැරදි පැත්තෙන් ලොරිය ධාවනය කිරීම මෙම අනතුරට හේතුවී ඇති බව මැදවච්චිය පොලිසිය සදහන් කරයි.

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මැදවච්චිය 211 බලසේනා මුලස්ථාන කඳවුරට අනුයුක්තව බුද්ධි අංශ නිලධාරියකු ලෙස සේවය කළ තිස් නව හැවිරිදි එස්. ඒ. කාවින්ද සමරසිංහ මෙම අනතුරින් මියගොස් ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක් බුද්ධි අංශ නිලධාරියා ප‍්‍රතිකාර සඳහා මැදවච්චිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News