අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේදී මෙතක් වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා

Share

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මෙතෙක් වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා බවට පත්වීමට දකුණු අප්‍රිකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් පසුගියදා පත්විය.

 

ඒ 2021 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රිස් මොරිස් ඉන්දියානු රුපියල් කෝටි 16.25 (අමෙරිකානු ඩොලර් මිලියන 2.2) මිලකට ලබා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.

ක්‍රිස් මොරිස් තමන් සතු කර ගැනීමට ක්‍රීඩක ලන්සු තැබීමේදී මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝස්, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර දැඩි සටනක පැවතුණි.

2015 වසරේ පැවති IPL තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිස් මොරිස් එහිදී කණ්ඩායමේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා බවටද පත්වුවාය.

යුවරාජ් සිං ඉන්දියානු රුපියල් කෝටි 16, පැට් කමින්ස් කෝටි 15.5ක් සහ බෙන් ස්ටොක්ස් කෝටි 14.5ක් මිට පෙර වැඩිම මිල ගණන් වලට අලෙවි වූ ක්‍රීඩකයින් වෙයි.

Read more

Local News