වාස් කොදෙව් සංචාරයෙන් ඉවත් වූ හේතුව

Share

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පන්දු යැවීමේ උපදේශක චමින්ද වාස් මහතා මාර්තු 26 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

 

මුළු මහත් ලෝකයම මූල්‍යමය වශයෙන් අපහසුතාවයන්ට මුහුණපා සිටින අවස්ථාවක තමන්ගේ පෞද්ගලික මූල්‍ය වාසි මත පදනම්ව මෙවැනි වගකීම් විරහිත සහ හදිසි තීරණයක් ගැනීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම කණස්සල්ල පළ කර තිබේ.

එමෙන්ම එම ආයතනය පවසන්නේ, වාස් මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය අගය කරන බවයි.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය එකඟ වූ මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයේ සදහන් වෙයි.

එසේම ඔහුට ලබා දීමට එකඟ වූ මුදලට සංචාරය වෙනුවෙන් ලැබෙන දීමනා ඇතුලත් නොවන බවද නිවේදනයේ දැක්වේ.

කොදෙව් සංචාරය වෙනුවෙන් එකඟ වී තිබූ මුදල චමින්ද වාස්ගේ අත්දැකීම් පිළිබඳව සලකා බලා තීරණය වූ මුදලක් බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් තොරතුරු ඇතුළත්සදහන්

මේ අතර තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉතාම බැගෑපත්ව කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ බවට චමින්ද වාස් මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කරයි.

එහි වැඩි දුරටත් දැක්වෙන්නේ, කෙදිනක හෝ යුක්තිය සහ සාධාරණය ජයගනු ඇති බවයි.

Read more

Local News