හෙරොයින් කිලෝග්‍රෑම් 45කට අධික තොගයක් හොරණ ප්‍රදේශයේදී වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය.
එ මහතා වැඩ්දුරටත් පැවසුවේ මාස 2ක පමණ කාලයක් තුළ අත්අඩංගුවට ගත් මහ පරිමාණයේ 4වන මත්ද්‍රව්‍ය තොගය මෙය බවට සැලකෙන බවයි.
පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.