කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ඉල්ලීමක්

Share

පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. 

නමුත් පවතින කාලගුණ තත්ත්වය යටතේ ජලය කප්පාදුවක් සිදුකිරීමට මේ මොහොතේ කිසිඳු අවධානයක් යොමුවී නොමැති බව එම මණ්ඩලය සදහන් කරයි.

කලටුවාව ජලාශයේ ජල මට්ටම අඩි 30 කින් පහත වැටී ඇති නිසා මීපේ, පාදුක්ක, හෝමාගම, මහරගම ඇතුළු කොළඹ තදාසන්න නගරවල ජනතාවගෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද, කලටුවාව ජල සම්පාදන ක්‍රමයේ කාර්ය භාර නිලධාරී මාධව ලලිත් අමරතුංග මහතා ඉල්ලීමක් කරයි.

Read more

Local News