ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා

Share

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි.

වේගය මත පදනම් වූ “Ultimate Tag” නම් මෙම රියලැටි වැඩසටහනට ඕස්ට්‍රේලියාව අයදුම්කරුවන් 3000 කට ආසන්න පිරිසක් වූ අතර සිඩ්නි නගරයේ පැවති තරගයට සහභාගිවීමට අවස්ථාව උදාවූ සිය ගණනක් පිරිස අතර ටනිල ද වීම සුවිශේෂී කරුණකි.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන වර්නන් තිසේරා සමග කෙටි සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ටනිල කියා සිටියේ තමාගේ ජිවිතයේ අමතක නොවන අත්දැකීම ලෙස සඳහන් කළේ සිය දෙමව්පියන්ට නොදන්වා වසර දෙකක කාලය තුලදී සිය MBA උපාධිය සමත්වීම බවයි.

Read more

Local News