පිටරට බස් රියදුරන් ලෙස සේවය කරන හිටපු ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්

Share

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ බස් රියදුරන් ලෙස කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු පිළිබඳව වාර්තා වෙයි.

ඒ අතර ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකුද වෙයි.

මෙලෙස මෙල්බර්න් නගරයේ බස් රථ රියදුරන් ලෙස සේවය කරන්නේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වූ චින්තක ජයසිංහ සහ හිටපු දඟපන්දු යවන්නෙකු වූ සුරාජ් රන්දිව් යන දෙදෙනායි.

මීට අමතරව සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කළ වෙඩින්ටන් ම්වයෙන්ගා නමැති ක්‍රීඩකයාද ඔවුන් සමග බස් රියදුරන් ලෙස කටයුතු කරයි.

ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන චින්තක ජයසිංහ 20/20 ජාත්‍යන්තර තරග 05 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර ඉනිම 03 කදී ඔහුට රැස්කර ගත හැකි වූයේ ලකුණු 49 ක් පමණි.

චින්තකට වඩා වාසනාවන්ත වූ සුරාජ් රන්දිව් ටෙස්ට් තරග 12 ක්, එක්දින තරග 31 ක් සහ 20/20 තරග 07 ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.

ඔහු අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ 2016 වසරේදීය.

රන්දිව් සහ චින්තක බස් රියදුරු වෘත්තියේ නිරත වෙමින් මෙල්බර්න්හි ක්‍රිකට් තරග සඳහාද එක්වන බව වාර්තා වෙයි.

Read more

Local News