මෙරට සිදුවන රිය අනතුරු ගණන ඉහළට : ඉදිරියේ දී දැවැන්ත රථ වාහන මෙහෙයුමක්

Share

රට තුළ සිදුන අධික රිය අනතුරු තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී දැවැන්ත රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමට නියම්ත බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ අතර ඊයේ (28) දිනයේ සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12ක් මිය ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඊයේ දින සිදුවු රිය අනතුරුවලින් 8ක් මියගොස් ඇත.

ජිවිතක්ෂයට පත් අනෙක් සිව්දෙනා මීට පෙර සිදුවු රිය අනතුරුවලින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අය බව වාර්තා වෙයි.

රථ වාහන රියදුරන්ගේ සහ පදිකයින්ගේ නොසැලිකිලිමත් භාවය හේතුවෙන් රථ වාහන අනතුරු ඉහළ ගොස් ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.

Read more

Local News