තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ තැබූ වාර්තාව

ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ මංජුලා තිලිණිගේ දියණිය වන ලිමන්සා තිලකරත්න පත් වී තිබෙන බව ඕස්ට්‍රේලියාවේ Beaconhills විද්‍යාලයේ සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ.

මේ වන විට ඇය 6 වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩිකාවකි

මෙල්බන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සහභාගි වූ පළමු තරගයේ (Kookaburra Women’s Premier Thirds) පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඇය සමත්ව ඇත.