සා/පෙළ විභාගය පවත්නා කාල සීමාවේ ඇති විය හැකි බාධා අවම කර ගැනිමට සැලස්මක්

Share

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධාවන් අවම කර ගැනීම සදහා ආපදා කළමානකරණ මධ්‍යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මක් සකස් කර තිබේ 

මෙම මාර්ගෝදේශ සැලැස්ම අනුව කිසියම් උපද්‍රවයක් හේතුවෙන් විභාගයට බාධාකාරී බලපෑමක් එල්ලවේ නම් ආපදා කළමානරකණ මධ්‍යස්ථානයේ ක්ෂණික දුරකථන අංක 117 අමතා ඒ පිළිබද දැනුම් දීමට හැකිය.

මේ අතර විභාගය සම්බන්ධයෙන් වන ඕනෑම ගැටලුවක් සදහා 1911 දුරකථන අංකයට සෘජුවම පිවිසිය හැකිය.   

එසේම පෙබරවාරි 28 සිට මාර්තු 11 දක්වා කාලය තුළ පැය 24 පුරා හදිසි හදිසි සම්බන්ධීකරණ කාර්යාලයක් විභාග දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇතැයි ආපදා කළමානකරණ මධ්‍යස්ථානය පවසයි. 

විභාග කාල සීමාව තුළ ගැටලු සදහා විමසුම් කළ හැකි නිළධාරීන්ගේ දුරකථන අංක සහ සම්බන්ධවිය හැකි ආකාරය මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මට ඇතුලත් කර ඇත. 

මෙවර 2020 සාමාන්‍ය පෙළ විභාගය රට තුළ පැවැති COVID-19 වසංගත තත්වය හේතුවෙන් දෙසැම්බර් මාසයේ නොහැකි වු අතර  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා ඇති මාර්ගෝදේශ සැලකිල්ලට ගනිමින් 2021 මාර්තු 01 දින සිට 10 දක්වා පැවැත්වේ.

Read more

Local News