පිළිකා ප්‍රතිකාර ලබමින් සා/පෙළ විභාගයට වාඩ් වූ දරුවන් 5දෙනෙක්

Share

අද දිවයින පුරා විභාග මධ්‍යස්ථාන වල සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙයි.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් 5 දෙනෙකුද අද විභාගයට පෙනී සිටි බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.

මාධ්‍ය වෙත වැඩ්දුරටත් අදහස් දක්වමින් “මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබන නේවාසික ළමයින් 5 දෙනෙක් අද මේ රෝහල තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙලා ඉන්නවා. මම ඒ  දරුවන්ට සුබ පතනවා. ඒ වගේම ඉස්සර තමයි හිතුවේ පිළිකා හැදුනහම හොඳ වෙන්නේ නෑ කියලා. නමුත් පිළිකා ප්‍රතිකාර ගන්න ගමන්ම සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙන එකත් විශාල ජයග්‍රහණයක්. ඖෂධ හා හෙද සේවාවේ ජයග්‍රහණයක් ලෙසයි මම සලකන්නේ. ඉස්සර සැලකුවේ ගියොත් ආපහු නොඑන තැනක් කියලා. නමුත් දැන් එහෙම නෙමෙයි. මේ රෝහලට එන සියයට 80කට වඩා සම්පුර්ණ සුවය ලබලා යනවා. ඉතින් කොවිඩ් මධ්‍යයේ ම රෝහල ඇතුළේ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවලා විභාගයට වාඩිවුණ එක ගැන ගොඩක් සතුටුවෙනවා” රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

ඒ අනුව අද(01) සිට ලබන 10 වැනිදා තෙක් විභාගය පැවැත්වීමට නියම්තයි.

මධ්‍යස්ථාන 4,513කදී, අයදුම්කරුවන් 622,352ක්, 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද පෙනී සිටිනු ඇති.

උදෑසන 7.45වන විට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා අයදුම්කරුවන්ට උපදෙස් ලබා දී තිබුණි.

දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පවත්වයි.

Read more

Local News