ප්ලාස්ටික් වෙනුවට නව විකල්ප හදුන්වාදීමට රජයේ අවධානය

Share

ප්ලාස්ටික් සහ පොලිතින් වෙනුවට නව විකල්ප හදුන්වාදීම සදහා රජයේ අවධානය යොමුව ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ මස 31 වැනිදා සිට ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග කිහිපයක් තහනම් කිරිමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝන 20 ට අඩු ලන්ච් ෂීට්, ශැෂේ පැකට්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු ආදිය තහනම් කිරීමට නියමිතයි.

මෙම භාණ්ඩ තහනම් කිරීමෙන් පසු පරිසර හිතකාමී විකල්ප හදුන්වාදීමට පරිසර අමාත්‍යාංශය විවිධ අංශ සමග සාකච්ඡා පවත්වමින් සිටි.

පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන කිහිපයක් සමග අමාත්‍යවරයා පසුගියදා සාකච්ඡා වට කිහිපයක් මේ සම්බන්ධයෙන් පැවැත්වූ අතර ප්ලාස්ටික් සහ පොලිතින් නිසා සිදුවන දැවැන්ත පරිසර හානිය අවම කිරීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ පෞද්ගලික අංශයේ පැසසුමටද ලක් විය.

Read more

Local News