ගුවන් හමුදාවේ 70වැනි සංවත්සරය අදයි

Share

ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 70 වැනි සංවත්සරය අද (02) ට යෙදී තිබේ.

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ නිසි මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ අද (02) අභිමාවත් අයුරින් එය සමරන අතර ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු මස 02 දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමඟ සිදුව තිබෙන අතර 1972 වසරේ මැයි මස 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟම රාජකීය ලංකා ගුවන් හමුදාව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය කෙරිණි.

ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 467 දෙනකු හා සෙසු නිලයන් 7,290 දෙනකු හට උසස්වීම් දීමට ද නියමිතව තිබේ.

ප්‍රධාන සැමරුම් උලෙළ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර ඊට සමඟාමීව රට පුරා පිහිටි ගුවන් හමුදා කඳවුරු 24 තුළ විවිධ වැඩසටහන් සංවිධාන කර ඇත.

Read more

Local News