වයස අවුරදු 24 තරුණ මවක් විසින් සිය මාස 09 වියැති කුඩා දැරියට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර මේ පිලිබදව අදාල කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කෑමට ලක් වූ කුඩා දරුවා මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සිද්ධිය වාර්තා වන්නේ යාපනය අරියාලේ ප්‍රදේශයෙනි.
අදාල කාන්තාව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



