ප්‍රදර්ශනාගාර රැසක වාහන හිගයක් : සේවකයින්ට රැකියා අහිමිවිමේ අවදානමක්

Share

රට තුළ වාහන ආනයනකරුවන් රැසකගේ ප්‍රදර්ශනාගාරවල කිසිදු වාහනයක් නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

වාහන ආනයනට පැනවූ සීමාවන් හේතුවෙන් ඉදිරියේ දී ,වාහන ව්‍යාපාරයේ නිරත පිරිසට සියලුම සේවකයින් ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උදාවනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

ලක්ෂයක් පමණ මෙම ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියාවල නිරතවන අතර ඔවුන් වෙතින් යැපෙන පිරිස 350,000-400,000 අතර වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

Read more

Local News