ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ ගංජා තොගයක් අත්අඩංගුවට

Share

සෙල්ලකතරගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී ත්‍රීරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ග්‍රෑම් 25,000 ක් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අදාල ත්‍රිරෝද රථයේ සිටි සැකකරුවන් 03ක් එම අවස්ථාවේ පලාගොස් ඇති අතර ත්‍රීරෝද රථයද එම නිලධාරීන් භාරයට ගත් බව ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කළේය.

භාරයට ගත් ගංජා තොගයේ සිල්ලර වටිනාකම රුපියල් අටලක්ෂ හැත්තෑපන්දහසක් ( 875,000/= ) පමණ වෙයි.

Read more

Local News