දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වැනිදා

Share

දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වන ඉරිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිතුක්කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස්  ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

කොව්ඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ මගින් සපයා ඇති උපදෙස් අනුව දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.

බස්නාහිරි පළාතේ පාසල් ආරම්භ කිරීම 2021  මාර්තු 15 දිනට නියමිත බැවින් ඉන්පසුව එළඹෙන ඉරිදා දින එම පළාතේ දහම් පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන ඇත.

එම හේතුව නිසා දහම් පාසල් ශ්‍රේණි විභාගයේ කටයුතු සංවිධානය කිරීමට අපහසු බැවින් මාර්තු 21 දින යොදා ගෙන තිබු එම විභාගය එදිනට නොපැවැත්නෙව බව බෞද්ධ කටයුතු කොමසාරිස්  ජනරාල්වරයා නිතුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

May be an image of text that says "@ம රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.03.02 ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ ප්‍රවෘත්ති දහම්පාසල් ශේණි විභාගය අප්‍රේල් 04 ඉරිදා උක්ත කාරණය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා විසින් මා වෙත එවන ලද මාධ්‍ය නිවේදනය අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා ඔබවෙත එවමි. නාලක කලුවැව රජයේ වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කිරුලපන මාවත ,කොළඹ05 ලංකාව. இலெங்கை வனியூ, Avenue, Colombo SriLanka. 1)2515759 ဗமிe infodept@sit.lk www.news.lk"
No photo description available.

Read more

Local News