කුරුවිට තරුණිය ඝාතනය කළ බුත්තල එස් අයි සියදිවි නසා ගැනීමට පෙර බිරිදට ලියූ ලිපිය

Share

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හදුනාගත් අතර එම ඝාතනයේ සැකකරු 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කල අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරි නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

අදාල ඝාතනය සිදු කල බව පැවසෙන මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිද පොලිසියට පවසා ඇත්තේ සිය සැමියා ඉකුත් 27 වනදා නිවසින් පිට වී ගිය බවත් ඊයේ අලුයම් කාලයේදී නැවත ඔහු නිවසට පැමිණි බවත්ය.

පොලිසිය විසින් ඔහුගේ නිවස වැටලීමේදී අදාල ඝාතක උප පොලිස් පරීක්ෂකවරයා නිවසේ පිටුපස දොරෙන් යාබද කෑලැ ප්‍රදේශයකට පලා ගොස් තිබේ.

මෙලෙස පළා යෑමට පෙර ඔහු විසින් සිය නිත්‍යානුකුල බිරිදට ලියු ලිපියක්ද හමුව තිබෙන අතර එහි සදහන් කර ඇත්තේ ” මම ලොකු වරදක් කලේ, ඔයාලට නින්ද අපහාස විදින්න වෙයි, ඒවා විද දරාගෙන ජිවත් වෙන්න, අම්මාගේ තුන් මාසේ දානේ දෙන්න, පොලිසිය මාව හොයාගන්න පුළුවන් තැනක සුසයිඩ් කරගන්නවා. ” යනුවෙන් බිරිදගෙන් සමාව ඉල්ලා ලිපියක් තබමින්.

පොලිසිය සමග ගොස් දරුවන් දෙදෙනා සහ බිරිද ඊයේ රාත්‍රියේ කැලැ බද ප්‍රදේශයට ගොස් කෑ ගසමින් අමතා ඇති නමුත් ඔහු පැමිණ නෑ. අද උදෑසන ඔහුගේ මෘත ශරීරය ඒ අසල ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබුණි.

පසුගියදා වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු හෙලි වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙලෙස ඝාතනයට ලක්වී හිස නොමැතිව සිරුර ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරිය එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ගේ සොහොයුරියක් බවට වාර්තා වෙයි.

සැකකරු අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැති විවාහක පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

මෙම පොලිස් නිලධාරියා එජාප මන්ත්‍රීවරයෙක්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කලක් සේවය කර තිබෙන බවට වාර්තා වෙයි.

මේ අතර සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන තිබේ.

ඝාතනය සිදු කර පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බවට සැක කෙරෙන අතර ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා අධික රුධිර වහනයක් නොවී ඇති බව පොලිසියේ පවසයි.

එම මළ සිරුර මේ වන විට ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර තිබේ.

පසුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයකට නැග ගමන්ගන්නා ආකාරය ද හෙළි වි ඇත.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට ද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මියගිය කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනය සිදුව ඇති අතර වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම මළ සිරුර ආසන්නයේ තිබී වස කුප්පියක් ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Read more

Local News