චීනයේ ධනවත්ම පුද්ගලයා බවට වාර්තා වූ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු 2019 සිට 2020 දක්වා චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි පුද්ගලයා වන අතර
එරට ධනවතුන් සම්බන්ධයෙන් නිකුත්කළ නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා ලෙස “බෝතල් කළ පානීය ජලය” අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන “නොන්ග්ෆු ස්ප්‍රින්ග්” හි හිමිකරු ෂොං ශාන්ශාන් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එම ව්‍යාපාරයට අමතරව ෂොං ශාන්ශාන් හට කොවිඩ් -19 මර්දන එන්නත් නිෂ්පාදනය කරනු ලබන බීජිං හි පිහිටි සමාගමක හිමිකාරිත්වයද ඇත.