වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන්ට සිදු වූ දේ

Share

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 1000 කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

සති දෙකක් තුළ සිදු කළ වැටලීම්වලින් මෙසේ වැඩ් මිලට සහල් විකුණු වෙළදුන් හට නඩු පැවරීම සිදු කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකය සඳහන් කළේ, දෛනිකව දීපව්‍යාප්තව වැටලීම් සියයක් පමණ සිදු කරන බවය.

සහල් පාලන මිල අනුව කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 96 කටත් හා සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98 කටත් අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

Read more

Local News