සිය දරුවන් තිදෙනා සමග මවක් ළිඳට පනී

Share

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ මවක් ඊයේ (03) සවස සිය දරුවන් තිදෙනා සමග ළිඳට පැන තිබෙන බවට වාර්තා වෙයි.

අනතුරුව මව බේරාගෙන ඇති අතර දරුවන් තිදෙනා මිය ගොස් ඇතැයි සැකකෙරෙන බවටත් එක් දරුවෙකුගේ සිරුරක් ගොඩගත් බවට කිලිනොච්චිය ධර්ම පුරම් පොලීසිය සදහන් කරයි.

කිලිනොච්චිය ඉරණමඩු පිල්ලයාර් කෝවිල අසල පිහිටි ළිඳකට අදාල මව දරුවන් තිදෙනා සමග පැන ඇති අතර ළිඳට පැනීමෙන් පසුව මව බේරාගන්නා ලෙසට කෑගැසීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මව පමණක් බේරාගෙන ඇති අතර දරුවන් තිදෙනා දියේ ගිලී තිබේ.

එහිදී ළිඳතුළ දියේ ගිලී අතුරුදහන්ව සිටි එක් දරුවෙකුගේ මළ සිරුරක් පමණක් මේ වන විට සොයාගෙන ඇති අතර අනෙක් දරුවන් දෙදෙනාගේ සිරුරු සෙවීම පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් සිදු කෙරේ.

අදාල කාන්තාව සිය සැමිය සමග වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ කෝපයක් හේතුවෙන් සිය දරුවන් තිදෙනා රැගෙන අසල කෝවිලේ තිබූ ළිඳට පැන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ළිඳට පැන ඇති දරුවන් අවුරුදු 02, 05 සහ 08 යන වයස්හි පසුවෙයි.

ළිඳට පැනීමෙන් පසු බේරාගත් මව කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත.

Read more

Local News